Monday, March 10, 2014

ආයුධ පෙන්නන්න ගිහින් තවත් සැකකරුවෙකු
පොලිස් වෙඩි පහරින් මිය යයි.

රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරු පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 13 වන දාය. 
මෙම ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (11) රත්නපුර,මැලෑගම ප්‍රදේශයේ සඟවා ඇතැයි කියනු ලැබූ අවි ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහදැරූ බව අජිත් රෝහණ මහතා කියා සිටියි.  කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පොලීසිය විසින් පෙරලා වෙඩිතැබීමෙන් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Sunday, March 9, 2014

  පෙම නිසා සිත් තැවුලෙන්
8 වසරේ ශිෂ්‍යාව එල්ලී නසී...

පෙම් සබදතාවයක් මත සිත් තැවුලට පත් 13 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් තම නිවසේ කිසිවෙකුත් නොසිටි මොහොතක එල්ලී සිය දිවි හානි කරගෙන ඇත. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ මොරොන්තුඩුව, තරුණ සේවා මාවතේ, ඩබ්ලිව්. එස්. චලනි සෙව්වන්දි නමැති යුවතියකි. ඇය මියයන විට පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසැලක 8 වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

ඇය පෙම් සබදතාවක් නිසා කළකිරීමෙන් ලියූ ලිපියක් මොරොන්තුඩුව පොලිසිය මගින් නිවසේ තිබී සොයාගෙන ඇත. පානදුර මූලික රෝහලේ දී ඇය පිළිබද මරණ පරීක්ෂණය ඊයේ (9) පැවැත්වීමට නියමිතව තිබුනි.

Wednesday, March 5, 2014

වයස 11 ශිෂ්‍යාවට 14,15 පෙම්වතුන් 5 දෙනයි.
දෙදෙනෙක් එක්ක ලිංගිකවත් හැසිරිලා..
11 හැවිරිදි ශිෂ්‍යාවක් බාලවයස්කාර සිසුන් පස් දෙනකු සමග පෙම් සබඳතා පවත්වා පසුව එම සිසුන් පස්දෙනාගෙන් සිසුන් දෙදෙනකු ඇයට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව කොළඹ පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලකින් අනාවරණය විය.

එහිදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 14 සහ 15 වියෙහි පසුවන සිසුන් දෙදෙනා අධිකරණය හමුවට පමුණුවමින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි මෙම සිද්ධියට අදාළ ශිෂ්‍යාව මීගමුව මහහුණුපිටිය නුගවැල ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. ඇය එම ප්‍රදේශයේ විදුහලක 7 වසර පන්තියේ ඉගෙනුම ලබයි. එහිදී ඇය වරින් වර බාලවයස්කාර සිසුන් පස් දෙනෙකු සමග ප්‍රේම සබඳතා පවත්වා ඇත.

ශිෂ්‍යාවගේ බාලවයස්කාර පෙම්වතුන් පස් දෙනාගෙන් පෙම්වතුන් දෙදෙනකු ඇය වරින්වර ලිංගික අපයෝජනයට ලක්කර ඇත. මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය එම සිසුවිය ලිංගික අපචාරයට ලක් කළ මීගමුව හරිස්චන්ද්‍ර පුරයේ පදිංචි බාලවයස්කාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවූ සිසුන් දෙදෙනා මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර සිසුන් දෙදෙනා රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට නියෝග කළේය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුනි මස 3 වැනි දින පැවැත්වේ.