ආයුධ පෙන්නන්න ගිහින් තවත් සැකකරුවෙකු
පොලිස් වෙඩි පහරින් මිය යයි.
රත්නපුර,
හිඳැල්ලන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු
වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරු පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකින්
ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 13 වන දාය.
මෙම ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (11) රත්නපුර,මැලෑගම ප්‍රදේශයේ සඟවා ඇතැයි කියනු ලැබූ අවි ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහදැරූ බව අජිත් රෝහණ මහතා කියා සිටියි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පොලීසිය විසින් පෙරලා වෙඩිතැබීමෙන් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment