පෙම නිසා සිත් තැවුලෙන්
8 වසරේ ශිෂ්‍යාව එල්ලී නසී...
පෙම් සබදතාවයක් මත සිත් තැවුලට පත් 13 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් තම නිවසේ
කිසිවෙකුත් නොසිටි මොහොතක එල්ලී සිය දිවි හානි කරගෙන ඇත. මෙසේ සියදිවි නසාගෙන
ඇත්තේ මොරොන්තුඩුව, තරුණ සේවා මාවතේ, ඩබ්ලිව්. එස්. චලනි සෙව්වන්දි නමැති
යුවතියකි. ඇය මියයන විට පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසැලක 8 වසරේ ඉගෙනුම ලබමින් සිට
ඇත.
ඇය පෙම් සබදතාවක් නිසා කළකිරීමෙන් ලියූ ලිපියක් මොරොන්තුඩුව පොලිසිය මගින්
නිවසේ තිබී සොයාගෙන ඇත. පානදුර මූලික රෝහලේ දී ඇය පිළිබද මරණ පරීක්ෂණය ඊයේ (9)
පැවැත්වීමට නියමිතව තිබුනි.
No comments:
Post a Comment